April 26, 2024

"රජය පෙරළීමටත් අපි අවශ්‍යයි” - රාජිත කියයි

රජය පෙරලා දමන්නත් තමන් සිටිය යුතු බවත් වසර 2020 න් පසු 2025 දක්වාත් මෙම රජය ඉදිරියට ගමන් කරන බවත් රජය පෙරලා දැමීමට කෑ ගහන අය එව්ට ඉන්නේ බන්ධනාගාරවල බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (06) දහවල් අනුරාධපුරයේ දී පැවැති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අනුරාධපුර නව ශාඛාව විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.  

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “යහපාලන රජයට විවිධ විවේචන එල්ල වනවා. අපේ රජයේත් ඉන්නේ පසු බුදුවරු, කරන වැඩ කියන්න දන්නේ නැහැ. මම බදාදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල ප්‍රවෘත්ති සාකචිඡාවේ දී රජය ආරක්ෂා කරමින් මාධ්‍යයට සියලු දේ ප්‍රකාශ කරනවා. අපි ඉන්නකම් යහපාලන රජය පෙරලා දැමීමට කාටවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කටින් වාචාලකම් දොඩවන අය තමයි ඉන්නේ. රජය ආරම්භ කළ වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙනයනවා. වසර 2020 න් පසු 2025 දක්වාත් මෙම රජය ඉදිරියට ගමන් කරනවා. රජය පෙරලා දැමීමට කෑ ගහන අය එව්ට ඉන්නේ බන්ධනාගාරවල. වසර 2025 දී තමයි අපි තීරණය කරන්නේ නව රජයක් බිහි කරනවා ද නැද්ද කියලා. එම නිසා රජය පෙරලාදමන්න කාටවත් බැහැ. පෙරලා දමන්නත් අපි ඉන්න ඕන. ඒක තමයි යථාර්ථය. 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 08 August 2017 14:00