April 26, 2024

උත්සවයේ ඉදිරිපස අසුන් ගැනීම උතුරු ආණ්ඩුකාරවරයා ප‍්‍රතික්ෂේප කරයි

තමා ගුරුවරයෙක් වුනේ අහම්බයෙන් බවත් මහා සුදුසුකම් ලබලා මහා අභිමානයකින් යුතුව, විධිමත් ආයතනයක ස්ථිර වැටුපකට අනාගතය ගැන තහවුරුකමක් ඇති තැනකට පැමිණි කෙනෙක් නොවන බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය මගින් හත් වන වරටත් සංවිධානය කරනු ලැබූ නිල ලත් ගුරුවරුන්ගේ ජාතික සම්මේලනය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රන ශාලාවේදි පසුගියදා පැවැත්විනි.

එහිදී ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් කතානායක කරු ජයසූරිය මහතා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහභාගී විය.

දිවයිනේ තෝරා ගත් ප‍්‍රවීන දේශකවරුන් දොලොස් දෙනෙකුට ගෞරව සම්මාන පුද කිරීමක් එහිදී සිදුවිණි. වර්තමාන උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතාට ප‍්‍රථමයෙන් ගෞරව සම්මාන පුද කරනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා,

“මුලදීම මට ඉදිරිපස අසුන් ගන්න ආරාධනා කල අවස්ථාවේ මම එය ප‍්‍රතික්ෂේප කලා. මොකද මම ගුරුවරයෙක් හැටියට මිස ආණ්ඩුකාරවරයෙක් හැටියට වත් දේශපාලඥයෙකු හැටියටවත් මෙතනට ආවේ නෑ. මන්ද, මහන්තත්වයකින් නොව නිහනමානීව ඔබේ එක පුරුකක් හැටියට සිටිය යුතු නිසා. මේ වෘත්තිය ආරම්භ කරපු අවධියේම ප‍්‍රවේශ වුනු අය හැටියට මට අද ආඩම්බරයි. ඒ දවස්වල මේ වගේ ප‍්‍රචලිත, පැතිරුණු, පුළුල් ව්‍යාපාරයක් බවට පත් වෙලා තිබුනේ නෑ. ඒ අවස්ථාවේදී අපට පහන් ටැඹක් සේනායකත්වය දුන්නේ විද්‍යා මාමා කේ ආරියසිංහ, සිසිර කුමාර යන ආචාර්යවරු යටතේයි පුහුණුව, ශික්ෂණය ලැබුවේ.“

“මම ගුරුවරයෙක් වුනේ අහම්බයෙන්. මහා සුදුසුකම් ලබලා මහා අභිමානයකින් යුතුව, විධිමත් ආයතනයක ස්ථිර වැටුපකට අනාගතය ගැන තහවුරුකමක් ඇති තැනකට ආය කෙනෙක් නොවෙයි. 71 කැරුල්ලේදී සියලූ දේඅහිමිවෙලාරස්සාවෙනුත් එළියට විසික් කරලා යන එන මන් නැතිව පාරේ පොල් විකුණලා හැන්දෑවට විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ජීවත් වෙන්න මාවතක් හොයන වෙලාවේ තමයි මේ වෘත්තිය මට මුණ ගැසුනේ. මරදාන වජිරඥාන පිරිවනේ රුපියල් සීයයට මාසයක් උගන්නලා රුපියල් හැටක් අම්මගේ අතට ගිහින් දීලා තමයි අපි මේ ව්‍යාපාරය පවත්වා ගෙන ඉස්සර හට පවත්වාගෙන ගියේ. ඒ වෙලාවේදී මේ වගේ ඩිජිටල් තාක්ෂණයක් තිබුනේ නෑ. ස්ක‍්‍රීන්, ප‍්‍රින්ට් තිබුනේ නෑ. ලස්සන ප‍්‍රචාර කටයුතු කරන්න තිබුනේ නෑ. අපි ආරම්භ කලේ ලේක් හවුස් එකේ ඉවත දමන පුවත්පත් කොල එකතු කරගෙන ඇවිත් තීන්ත කර්මාන්ත ශාලාවලින් ගල්ගැහුනු තීන්ත අරගෙන ඇවිත් ඒකට භූමිතෙල් දාලා පින්සලක් හොයගන්න බැරි නිසා කෝටු කෑල්ලට සිගරට් බට් එක බැඳලා එකෙන් තමයි අපි අකුරු ලියලා ඉංග‍්‍රීසි උගන්නන්න පටන් ගද්දී ප‍්‍රචාරක කටයුතු කලේ. තාප්පවල පාප්ප ගැවේත් මම. දිය කෙරුවෙත් මම ඒවායේ අකුරු ලිව්වෙත් මම.? එළිවෙනකම් ඒවා අලවලා, නිදි මරලා, උදේට උගන්නලා තමයි අපි පන්තිපටන් ගත්තේ. මම බොහොම ජනප‍්‍රියවෙලා හිටියේ මේ වෘත්තීය දේශකයින්ගේ සූරාකෑමට එරෙහිව අරගල කරන නායකයෙකු හැටියට.“ යැයි හෙතෙම සඳහන් කළේය.

Rate this item
(0 votes)