April 27, 2024

ඉපැරණි මිතුදමක නොමැකුණ මතකය

අද පෙරවරුවේ පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවති "මතින් නිදහස් රටක්"ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුළුව අවසන්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පා ගමනින් ජනතාව අතරින් ඉදිරියට ඇදුණේය.

ජනාධිපතිවරයා හමුවට පැමිණියේ පැසුණු හිසින් යුත් අමුත්තෙකි.

දිගු අතීතයක සිට පැවත එන ගැඹුරු  මිතුදමක මතක ගොන්නක් ද රැගෙන පැමිණි ඔහු විශ්‍රාමික  ගුරුවරයෙකු වූ ද ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයෙකු ද වූ පානදුර මාලමුල්ලේ ජී.ජයසේන පිරිස් මහතාය.

60 දශකයේ ගුරුවරයෙකු ලෙස පත්වීම් ලැබ පොළොන්නරුව ඇතුමල්පිටිය පාසලේ සේවයට ගොස් සිටි අවධියේ ජයසේන මහතාගේ සමීපතම මිතුරාව සිටියේ එවක පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙකුව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතාය. ඔවුන් අතර මිතුදම කොතෙක් ගැඹුරු වි ද යත්  ජයසේන මහතාගේ විවාහයේ දෙවන මනාලයා ලෙස එක් වුයේ ද මේ උසස් පෙළ සිසුවාය.තම දුෂ්කර ගුරු සේවයේ වෙහෙස නිවා ගන්නට නොනිමි සිසිලක් වු තම ගම්බද සගයා අද රටේ ජනාධිපති ධූරය හෙබ වූවද ඔහු ඉදිරියේ ජයසේන පීරිස් මහතාට අදත් දැනුණේ ඒ අතීත ලෙංගතුකමය. 

 

 

Rate this item
(0 votes)