April 27, 2024

ආණ්ඩුවේ මන්ත්‍රීන්ට ඒකාබද්ධයෙන් ලොකු ලංසුවක්

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මුදල් ලබා දී ඒකාබද්ධ විපක්ෂයට එක් කර ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන 50ක මුදලක් ලබා දී ඒකාබද්ධ විපක්ෂයට ගැනීමට පසුගිය ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමැතිවරයෙකු මේවන විට සාකච්ඡා කරමින් පවතින බව එම ආරංචි මාර්ග සදහන් කරයි.

එහිදී ආණ්ඩු පක්ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඉහල මුදලක් ලබාදීමට කැමැත්ත පළ කර ඇති එම හිටපු ඇමැතිවරයා එජාප මන්ත්‍රීවරුන් සමගද සාකච්ඡා කර ඇත.

වාර්තා වන අන්දමට ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් එම ඉදිරිපත් කර ඇති මුදල ප්‍රමාණවත් නොවන බව පවසා ඇති අතර ඉහල වටිනාකමක් ඉදිරිපත් කර හෝ එම මන්ත්‍රීවරුන් ඒකාබද්ධ විපක්ෂයට ගැනීමට මේවන විට සාකච්ඡා අරඹා ඇත.

Rate this item
(0 votes)