April 27, 2024

නව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු

පී.බී අ‍බේකෝන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ලේකම් ධූරයට ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිලධාරියෙකු වූ නැගෙනහිර ආණ්‌ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත් කිරීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.

හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු මෙන්ම නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ඔහු මෙලෙස නව ජනාධිපති ලේකම්වරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.
ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා පෞද්ගලික හේතුවක්‌ මත ඊයේ (30) සිය ධුරයෙන් ඉල්ලා අස්‌විය.

සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය ලේකම්වරයා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට  බාරදී ඇති අතර ජනාධිපතිවරයා එය පිළිගෙන ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පැවසීය.

පී. බී. අබේකෝන් මහතා ජනාධිපති ලේකම් ධුරයට 2015 ජනවාරි මස 10 වැනිදා පත්විය. ඊට පෙර ඒ මහතා ආගමන විගමන පාලකවරයා ලෙසින් කටයුතු කළේය.

1982 වසරේදී ඒ මහතා පරිපාලන සේවයට එක්‌විය.
Rate this item
(1 Vote)
Last modified on Monday, 03 July 2017 11:18