April 26, 2024

එජාපයේ ලොකු අවුලක්: ඇමැති දෙපලගේ ගැටුම උග්‍ර අතට

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දෙදෙනකු අතර පවත්නා ආරවුල මේ වනවිට එම පක්ෂයේ ඒකාග්‍රතාවයට බරපතළ හානියක් වී ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනා අතර කලක් තිස්සේ පැවැති ආරවුල ඇමැති සංශෝධනයෙන් පසු එළිපිට පහර ගසා ගන්නා තත්ත්වයට පත්වී ඇත.

ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පසුගිය දා පැවැති සමුළුවකදී ද එක් ඇමැතිවරයකු තවත් ඇමැතිවරයකුගේ ක්‍රියාකලාපය තදින් විවේචනයට ලක්කර ඇතැයි ද වාර්තා වේ.

ඇමැති මණ්ඩල සංශෝධනයෙන් පසු මෙම ඇමැතිවරුන් අතර පවත්නා ආරවුල දැන් විවෘත තත්ත්වයට පත්වී තිබේ.

තම අමාත්‍යාංශය වෙනස් කිරීම සඳහා පක්ෂයේ අනෙක් ඇමැතිවරයා හේතුවූ බවට ඔහු දැඩි විශ්වාසයකින් පසුවන බවද සඳහන් වේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 12 June 2017 15:29