April 27, 2024

"ආ..කොල්ලා වැඩ පටන්ගත්තද“ හිටපු ඇමැතිනී පවිත්‍රා දහම්ගෙන් අසයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ගංවතුරෙන් අවතැන්වී සිටින ජනතාවට අවශ්‍ය ආහාරද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීම සඳහා දහම් සිරිසේන මහතා රත්නපුර අයගම ප්‍රදේශයට ගොස් තිබේ.

එහිදී අයගම කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ සහ අයගම ගංගාරාම ශ්‍රී මහා විහාරස්ථානයේ අවතැන් වී රැඳී සිටින අයගම ජනතාව වෙත ගොස් ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ එහිදී සොයා බලා ඇත.

එමෙන්ම එම ජනතාවට අවශ්‍ය කෙරෙන ආහාර ද්‍රව්‍ය, ඇඳුම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දී ඇත.

හිටපු අමාත්‍යවරියක් වන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතාවගේ සුවදුක් විමසමින් ගමන් කරන දහම් සිරිසේන මහතා දැක සිය මෝටර් රථයෙන් බැස දහම් සිරිසේන මහතා සමඟ සුහද කතාබහක යෙදී ඇතැයි වාර්තාවේ.

එහිදී ඇය ප්‍රකාශ කර සිටියේ "ආ කොල්ලා වැඩ පටන් ගත්තද? රත්නපුරේ ගොඩක් හොඳයි මේ සමන් දෙවියන්ගේ අඩවිය" යැයි ප්‍රකාශ කරමින් ඉතා සුහදව කතා බහ කරමින් විනාඩි කිහිපයකට පසු පවිත්‍රා මන්ත්‍රීවරිය නික්ම ගොස් ඇත.

මේ අතර ප්‍රදේශවාසීන් තමන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටලු කිහිපයක් දහම් සිරිසේන මහතාට පවසා එම ගැටලු කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලෙස ඉල්ලා ඇත.

විශේෂයෙන්ම දීර්ඝ කාලයක සිට මෙවැනි විපත් වලට තම ප්‍රදේශවාසීන්ට මුහුණ පෑමට සිදුව ඇතැයිද, ගත වූ අවුරුදු කිහිපය තුළම කිසිඳු බලධාරියෙක් ඒ පිලිබඳව අවධානය යොමු නොකල බවත් ජනාධිපතිවරයා පිළිබඳව ඉමහත් විශ්වාසයෙන් සිටින බවත්, මැති ඇමතිවරු නොපැමිනි අයගම ග්‍රාමයට රටේ ජනාධිපතිවරයාගේ පුත්‍රයාගේ පැමිණීම ප්‍රදේශවාසීන් ඉතා ඉහළින් අගය කරන බවත් ප්‍රකාශ කළේය.

Image may contain: 13 people, outdoor

Image may contain: 11 people, people sitting

Image may contain: 9 people, people standing and outdoor

Image may contain: 10 people, people standing, mountain, outdoor and nature

Image may contain: 9 people, people standing

Image may contain: 7 people, people standing

Image may contain: 3 people, people sitting

Image may contain: 17 people, outdoor

Image may contain: 10 people, people standing, sky, outdoor and nature

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 June 2017 12:19