April 26, 2024

ඇමැති ජෝන් එජාපය හැර යයි - ඇමැතිකම අතහැර දේශපාලනයෙනුත් සමුගනී

තරුණ මන්ත්‍රීවරුන්ට අවස්‌ථාව ලබාදෙමින් ඉදිරියේ දී දේශපාලනයෙන් ඉවත් වීමට කටයුතු කරන බව සංචාරක හා ක්‍රිස්‌තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ නාත්තන්ඩිය ආසනයේ ඉදිවෙමින් පවතින අශෝකපුර නිවාස ව්‍යාපෘතියට සමගාමීව ප්‍රජා ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්‌ථාවට සහභාගි වෙමිනි.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් මෙසේද පැවසීය.

"අද පාර්ලිමේන්තුවේ දක්‌ෂ තරුණ මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ඉන්නවා. මම කල්පනා කළා මම සේවය කළා ඇති කියලා. අපි තරුණයන්ට අවස්‌ථාව ලබාදෙන්න අවශ්‍යයි. මම කවදාවත් පැරදුණේ නෑ. අඛණ්‌ඩව දිනුවා. ඒ ජනතාවට හොඳින් සේවය කළ නිසා. අද තියෙන්නෙ එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එකතුවෙලා හදපු ආණ්‌ඩුවක්‌. සමහර කණ්‌ඩායම් බල තණ්‌හාවෙන් ආණ්‌ඩුවේ ගමනට බාධා කරනවා. මොන විදිහේ කුමන්ත්‍රණ කළත් අපිව වට්‌ටන්න බෑ. එවැනි කණ්‌ඩායම් එළවන්නෙ මදුරුවන්ට දුම් ගහලා පාලනය කරනවා වගේ.“

Rate this item
(6 votes)
Last modified on Wednesday, 31 May 2017 13:29