May 09, 2024

ජනපති අතිවිශේෂ කැබිනට් හමුවක් කැදවයි - ඇමති මාරුව හෙට?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට (22) උදෑසන අතිවිශේෂ කැබිනට් හමුවක් කඳවා ඇතැයි වාර්තා වේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන එම කැබිනට් හමුවට නොවරදවාම සහභාගීවෙන මෙන් ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවද වාර්තා වේ.

එසේම එම හමුව කැබිනට් සංශෝධනයකට අදාළ වූවක් වියහැකි බව රජයේ ආරංචි මාර්ග පැවසී ය. 

කැබිනට් රැස්වීම් සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ අඟහරුවාදා උදේ වරුවේ වන හෙයින් සඳුදා කැඳවනු ලැබ ඇති මෙම හමුව සුවිශේෂී එකක් වන බව වාර්තා වේ.

පසුගිය සිකුරාදා දින කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුවීමට නියමිතව තිබුණද විවිධ මත ගැටුම් හේතුවෙන් එය කල් දැමීමට තීරණය කෙරුණි.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 22 May 2017 01:21