April 27, 2024

ආරක්ෂක ලේකම්වරයාට ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ධූරයක්?

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම ධුරය සඳහා නම් කිරීමට අදාළ නිර්දේශය මේ වන විටත් ජර්මානු රජය වෙත යොමු කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ වන විට ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන කරුණාතිලක අමුණුගම මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

කරුණාසේන හෙට්ටිආරච්චි මහතා 2015 වසරේ සැප්තැම්බර් මස 09 වනදා සිට ආරක්ෂක ලේකම්ධුරයේ කටයුතු කරයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 21 May 2017 09:09