April 26, 2024

මෝදි බෙදාගන්න ප‍්‍රධාන පක්ෂ දෙකක මත ගැටුම්- කදුරට පොලිස් ආරක්ෂාව තර කරයි

ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා ලබන 12 වනදා හැටන් ප‍්‍රදේශයට පැමිණිම සම්බන්ධයෙන් වතුකරයේ ප‍්‍රධාන වෘත්තිය සමිති දෙකක නායකයින් දෙදෙනෙක් අතර මත ගැටුමක් ඇති වි තිබේ.  

ඉන්දීය රජයේ රුපියල් කෝටි පන්සියක වියදමින් දික්ඔය මුලික රෝහලේ ඉදිකරන ලද නව රෝහල් සංකිර්ණය ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා විසින් ලබන 12 වන දින විවෘත කර එදින නොර්වුඩ් ක්‍රීඩාංගණයේදි ඉන්දිය ආග‍්‍රාමාත්‍යවරයා වතුකරයේ ජනතාවද ඇමතිමට නියමිතය. 

නොර්වුඩ් උත්සවය දමිළ ප‍්‍රගතිශිලි සන්ධානයේ ඉල්ලීමක් මත කදුරට නව ගම්මාන වතුයටිතල පහසුකම් ප‍්‍රජා සංවර්ධන අමාත්‍යංශය මගින් සිදුකරනු ලබයි. ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා වතුකරයේ ජනතාව ඇමතිමට පැමිණෙන්නේ තමන්ගේ ආරාධනාවකට අනුව බව ලංකා කම්කරු කොංග‍්‍රසය පවසද්දි දමිළ ප‍්‍රගතිශිලි සන්ධානයද තමන්ගේ ආරාධානාවකට අනුව ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා වතුකරයේ ජනතාව ඇමතිමට පැමිණෙන බව පැවසිමත් සමග එම පක්ෂ දෙකේ නායකයින් හා ආධාරකරුවන් අතර මේ වන විට නොසන්සුන්කාරි තත්ත්වයක් උද්ගත වී තිබේ.

හැටන් සිට නොර්වුඩ් නගර දක්වාම මෙම පක්ෂ දෙකෙන්ම පෝස්ටර් කටඅවුට් සහ කොඩි වැල් ප‍්‍රදර්ශනය කර තිබෙන අතර එම කොඩි වැල් සහ පෝස්ටර් ඇලවිම සහා කටඅවුට් ප‍්‍රදර්ශනය කිරිමේදීද තරගයක් බවට පරිවර්තනය වි තිබේ. මෙම දෙපාර්ශවයේම ගැටුම් හමුවේ නොර්වුඩ් නගරයට හා නොර්වුඩ් ක්‍රීඩාංගණයට දැඩි පොලිස් ආරක්‍ෂාව යොදවා ඇත.

 

Image may contain: outdoor

Image may contain: mountain, sky, grass, outdoor and nature

Image may contain: 1 person, outdoor

Image may contain: outdoor

 

 

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 May 2017 13:38