April 27, 2024

එෆ්.සී.අයි.ඩී ලොක්කන්ට අගමැතිගෙන් නියෝගයක් - හදිසියේ අරලියගහ මන්දිරයට කැඳවයි

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ  මෑත කාලීන ක්‍රියාකාරකම් සහ ප්‍රගතිය විමසීම සඳහා එහි ඉහළ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අරලියගහ මන්දිරයට කැඳවීමට නියමිතය.

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඉහළ නිලධාරීන් මෙලෙස හදිසියේම අරලියගහ මන්දිරයට කැදවා ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව බව වාර්තාවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ මෑත කාලීන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි රැසක් පදනම් කර ගනිමින් මේ කැඳවීම සිදු කර තිබේ.

ජපාන හා වියට්නාම සංචාරය නිමකර අගමැති රනිල් වික්‍රමසිංහ මහත මෙරටට පැමිණි වහාම මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඉහළම නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවීමට නියමිතය.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 08 April 2017 11:57