April 26, 2024

විදේශ මහින්දට, මුදල් රනිල්ට, වරාය රවීට, මහාමාර්ග අමරවීරට- අමාත්‍යධූර 13ක වෙනසක්?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුසියානු සංචාරයෙන් පසුව ඇමැති මණ්ඩලයේ සංශෝධනයක් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 

එහිදී මහින්ද අමරවීර මහතාගේ ධීවර ඇමැති ධුරය වෙනුවට මහාමාර්ග ඇමැති ධුරය ඔහුට ලබාදීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

මේ අතර පසුගියද හම්බන්තොට පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා පැවසූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර මහතාට රටටත් හම්බන්තොටටත් දැනට වඩා වැඩි වැඩ කොටසක් ඉටු කළ හැකි ශක්තිමත් ඇමැති ධුරයක් ලබා දීමට තමා තීරණය කරන බවයි.

තංගල්ලට පමණක් ධීවර ඇමැතිවරු තුන් දෙනෙක් සිටින බැවින් තමා ළඟදීම මහින්ද අමරවීර මහතාට වැඩි වගකීමක් පවරන බවද හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනයට උපරිම සේවයක් ඉටුකළ හැකි අමාත්‍යාංශයක් මහින්ද අමරවීර මහතාට ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් මේවන විට යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ නිර්දේශ පිළිබඳ තොරතුරු හෙළි වී තිබේ.

ඒ අනුව සිදු කිරීමට නියමිත යැයි දින කිහිපයක සිට වාර්තා පල වන කැබිනට් සංශෝධනයේ ඇමති ධුර වෙනස් වීම පිළිබඳ පැවසෙන ලියවිල්ලක් සමාජ ජාලා හා වෙබ් අඩවි ඔස්සේ ප‍ළ වී ඇත.

අමාත්‍යධූර 13ක් සංශෝධනය වීමට නියමිත බව එම ලියවිල්ලේ දැක්වෙයි.

එය පහතින්,

Rate this item
(5 votes)
Last modified on Thursday, 23 March 2017 17:02