April 27, 2024

ඇමැති මාරුවක්: මහින්දට ලොකු ඇමැතිධූරයක්!

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර මහතාට රටටත් හම්බන්තොටටත් දැනට වඩා වැඩි වැඩ කොටසක් ඉටු කළ හැකි ශක්තිමත් ඇමැති ධුරයක් ලබා දීමට තමා තීරණය කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ආසනයට මහින්ද අමරවීර ධීවර හා ජලජ සම්පත් කැබිනට් ඇමැතිවරයාත්, නියෝජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතාත්, පළාත් ධීවර ඇමැතිවරයාත් ඇතුළු ධීවර ඇමැතිවරුන් තුන් දෙනකු සිටින බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

තංගල්ලට පමණක් ධීවර ඇමැතිවරු තුන් දෙනෙක් සිටින බැවින් තමා ළඟදීම මහින්ද අමරවීර මහතාට වැඩි වගකීමක් පවරන බවද හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනයට උපරිම සේවයක් ඉටුකළ හැකි අමාත්‍යාංශයක් මහින්ද අමරවීර මහතාට ලබාදීමට කටයුතු කරන බවද  ජනපතිවරයා සඳහන් කළේය.

හම්බන්තොට අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (16) පැවැති ඉඩම් ඔප්පු ප්‍රදානෝත්සවයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ ප්‍රකාශය කළේය. 

Rate this item
(0 votes)
Last modified on Saturday, 18 March 2017 14:25