April 26, 2024

නව පොලිස්පති ධූරයට ජනපතිගෙන් නම් තුනක්

පොලිස්පති ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගේ නම් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ සතියේදී යවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති ආරක්ෂක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍ර‍මසිංහ, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන්ගේ නම් සහ තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නම ඊට ඇතුළත් වනු ඇතැයි වාර්තාවේ.

පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා ලබන 12 වැනිදා විශ්‍රාම යාමට නියමිතය.

ජනාධිපතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගේ නම් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සභාව වෙත යැවීමෙන් අනතුරුව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සභාව ලබන සතියේ රැස්වී ඉන් එක් නමක් අනුමත කර ජනාධිපතිවරයා වෙත එවීමට නියමිතය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 25 March 2016 00:53