May 16, 2024

දුමින්දගේ කොලොන්නාව ශ්‍රීලනිප සංවිධායක ධූරය හිරුණිකාට - සෝලංගට අවිස්සාවේල්ල? 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළොන්නාව ආසන සංවිධායක ධුරය බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියට ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ අතර කොටිකාවත්ත මුල්‍ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතාට අවිස්සාවේල්ල සංවිධායක ධුරය ලබා දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කොලොන්නාව ආසන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා කටයුතු කරන අතර අවිස්සාවේල්ල සංවිධායක ලෙස බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සුමිත් විජයමුනි සොයිසා මහතා කටයුතු කරයි.

Rate this item
(0 votes)