May 16, 2024

දිවි නැගුමේ මුදල් පුවත්පත් ආයතන නඩත්තුවට යොදලා?

පසුගිය වසර පහ පුරාවට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවති 'දිවි නැගුම' අරමුදල සතුව තිබූ විශාල මුදල් ප්‍රමාණයක් රාජපක්ෂ පවුල හා සමීප සම්බන්ධතා පවත්වාගෙන ගිය පුවත් පත් කිහිපයක් නඩත්තු කිරීමට යොදාගෙන ඇතැයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

පොලිස් මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු 'ඒෂියන් මිරර්' හා පවසා සිටියේ මෙලෙස මුදල් යොදවා ඇත්තේ බංකොලොත් තත්වයේ පැවතී පුවත්පත් සමාගම් කිහිපයක් නඩත්තු කිරීමට බවයි. අදාළ මුදල් මාසික පදනම යටතේ එම සමාගම් වලට ලබා දී ඇති බව ඔහු පවසා සිටියේ ය.

පොලිස් දෙපාර්තමේන්තුවට ලැබුණු විශ්වාසදායී තොරතුරු වලට අනුව එම පුවත්පත් හිමි කරුවන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා එම පවුලේ සාමාජිකයන්ගේ උපදෙස් අනුව ක්‍රියා කර ඇති බව හෙළිවී ඇතැයි එම නිලධාරියා වැඩි දුරටත් පවසා සිටියේ ය. නමුත් අදාළ මුදල් හුවමාරු වී ඇත්තේ පිළිගත් ක්‍රියාපටිපාටියකට නොවන බවත් හුවමාරු වූ පදනම අපැහැදිලි බවත් ඔහු ප්‍රකාශ කළේය.

ගැටළුවට තුඩු දී ඇති පුවත්පත් සමාගම් කිහිපයක හිමිකරුවන් යැයි කියන පුද්ගලයන් මේ වන විට විදේශ ගත වී සිටින බවත් වැඩි දුර පරීක්ෂණ කටයුතු සඳහා එම පුවත්පත් සමාගම් වල වගකිවයුතු පුද්ගලයන් නුදුරු අනාගතයේ දී ප්‍රකාශ සටහන් කරගැනීමට පොලිසිය හමුවට කැඳවන බවත් ඔහු අප හා පවසා සිටියේ ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 May 2015 11:12