May 02, 2024

20 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයට 

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාවලිය ඇතුළත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඊයේ (29) කැබිනට් මණ්ඩලයට යොමු කළ බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව එය ඉදිරි සතිය තුළ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක්වෙන බවත් අවශ්‍ය සංශෝධනද ඇතුළත් කරමින් එම සංශෝධනයද සම්මත කර ගැනීමට කටයුතු කරන බවත් වාර්තාවේ. 

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය පවතින ක්‍රමයටම පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇති අතර ඊට හේතු වී ඇත්තේ සීමා නිර්ණය කිරීම ආදී කටයුතු සඳහා යම් කාලයක් ගත වීම බව එම ආරංචි මාර්ග පවසයි. 

Rate this item
(0 votes)