May 02, 2024

මහින්දගේ රජය කළ අනුවණ වැඩ ගැන හිටපු ජනපති ප්‍රකාශක හෙළිකරයි 

පසුගිය ආණ්ඩුව අන්තර්ජාතික සබඳතා කළමනාකරණයේදී ඉතාම අනුවණ දේ කළ බවත් ජීනිවා මානව හිමිකම් මණ්ඩලයේදී අපට විරුද්ධව යෝජනාවක් එනවිට ඊට මුහුණදීමට ජිනීවා යැව්වේ කොල්ලෝ කෙල්ලෝ ටිකක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක සහ ප්‍රවීණ මාධ්‍යවේදි මොහාන් සමරනායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ පසුගියදා ප්‍රගතිශීලී ජාතික පෙරමුණ කොළඹදී පැවැත් වූ හමුවකදී ය.

“මම එකඟයි පසුගිය ආණ්ඩුව අන්තර්ජාතික සබඳතා කළමනාකරණයේදී ඉතාම අනුවණ දේ කළා. අනුවණ පත්වීම් කළා. ජීනිවා මානව හිමිකම් මණ්ඩලයේදී අපට විරුද්ධව යෝජනාවක් එනවිට ඊට මුහුණදීම සඳහා විශාල දැනුමක්, පරිචයක්, හොඳ ඉංග්‍රීසි දැනුමක් සහිත මිනිස්සු සිටිද්දී අපි ජිනීවා යැව්වේ කොල්ලෝ කෙල්ලෝ ටිකක්. ඒ අය එහේ ගිහිල්ලා  සාප්පු ගිහින් හොඳට කාලා බීලා ආවා. යෝජනා පරාද වුණා. වෙනස් කම් තියෙන්න පුළුවන් මම දන්නෑ ඇයි තමාරා කුනනායකම් ඉවත් කළේ කියන එක. ඒ වගේ අනුවණ කම් කරන් ගියා. ඒක අපි පිළිගන්න ඕන." යැයි මොහාන් සමරනායක මහතා අනාවරණ කළේය. 

Rate this item
(2 votes)
Last modified on Friday, 01 May 2015 02:09