May 02, 2024

බොදුබලය වෙනම ගමනක් අරඹයි - නව දේශපාලන පක්‍ෂයකින් මීළඟ මහමැතිවරණයට?

නව දේශපාලන පක්‍ෂයක්‌ පිහිටුවීමට බොදුබල සේනා සංවිධානය තීරණය කළ බව එම සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව අනාවරණය කළේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී ය.

එම දේශපාලන පක්‍ෂයේ නායකයා කවුරුන්ද යන්න හෝ පක්‍ෂයේ නම කුමක්‌ද යන්න තවම තීරණය කර නොමැති බවත් පිරිසිදු සිංහල බෞද්ධ සංවිධානයක්‌ ලෙස එම දේශපාලන පක්‍ෂය ස්‌ථාපිත කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ. 

නව දේශපාලන පක්‍ෂ මීළඟ මහමැතිවරණය සඳහා බොහෝ දුරට ඉදිරිපත්වීමට ඉඩ ඇති බවත් මෙම දේශපාලන පක්‍ෂය සඳහා දේශපාලනඥයින් හෝ වෙන පක්‍ෂ එක්‌කර නොගන්නා බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

මින් ඉදිරියට බොදුබල සේනා සංවිධානය කිසිදු පක්ෂයක නායකයින් වෙනුවෙන් පෙනී නොසිටින බවත්, තරුණ පරම්පරාවට තමන් කෙරෙහි තැබූ විශ්වාසය ඉදිරියටත් තබාගන්නා ලෙස බලකරන බවත් උන්වහන්සේ කියා සිටියේය.

තමාට ඉස්සර චම්පික රණවක වැනි මිනිස්සු හිටියත්, ඒ අය වෙනසක් එක්ක වෙනස් වී ඇති බවත්, සිංහල ජාතිය හා බුද්ධාගම ෆුට් බෝලයක් ලෙස ගෙන සෙල්ලම් කරන අයට නැවත එවැන්නක් කරන්නට ඉඩනොදී එකී අඩුව පුරවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

Rate this item
(0 votes)