May 02, 2024

ජනපති හා අගමැති අතර හදිසි හමුවක් - ව්‍යවස්ථාදායක සභාව ගැන අවසන් තීන්දුවක් 

19 වන ව්‍යවස්ථාව මගින් බලාත්මක කිරීමට යෝජනා වී ඇති ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.

මෙම හමුව අද (28) දහවල් 12.00ට ආරම්භ වූ බවත් මෙහිදී ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ ඉදිරිපත් වූ කරුණු සලකා බලා සාකච්ඡා කර අවසන් තීන්දුව ගැනීමට නියමිතය.

ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විය යුතු බවට වූ යෝජනාවක් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා විසින් ඊයේ (27) ඉදිරිපත්  කළ බව වාර්තා විය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 April 2015 15:14