May 01, 2024

පොලිසිය රැස්වීමට ගෙනවිත් දුන් 'නොතීසිය ප්‍රසන්න භාරගනී' (PHOTOS)  

අධිකරණ නියෝග නොතකා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට පසුගිය 23 වැනි දා විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් කොටුව මහෙස්ත්‍රාත් ඉදිරියේ ලබන මැයි 08 වැනි දා පෙනීසිටින ලෙස දන්වා බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට කුරුඳුවත්ත ‍පොලිසිය ඊයේ (27) නොතිසි භාරදුන්නේය.

අධිකරණ නියෝග කඩකර අධිකරණයට අපහාස කිරීම හා මහාමාර්ගය අවහිර කිරීම යන කරුණු පදනම් කරගෙන මහ ඇමැතිවරයාට මෙම නොතීසි නිකුත් කර ඇත.

බස්නාහිර පළාත් සභා ශ්‍රාවස්ති මන්දිරයේ ඊයේ (27) පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම අවස්ථාවේ එහි පැමිණි කුරුඳුවත්ත ‍පොලිසියේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ජයරත්න මහතා ප්‍රධාන අමාත්‍යවරයාට මෙම නොතිසි භාරදී තිබේ.

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 28 April 2015 15:35