May 02, 2024

19 ගැන තවත් අර්බුධයක් - විපක්ෂ නායකගෙන් ව්‍යවස්ථාදායක සභාවට බාධාවක්

19 වන ව්‍යවස්ථාව මගින් බලාත්මක කිරීමට යෝජනා වී ඇති ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විය යුතු බවට වූ යෝජනාවක් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
 
මෙම ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ දේශපාලන බලපෑම් වලින් තොරව 19 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම සැකසීම වන අතර විපක්ෂ නායක වරයා විසින් කර ඇති යෝජනාව අනුව කටයුතු කළහොත් එම මූලික අරමුණ ඉටු කර ගත නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ ප්‍රවීණයෙක් 'ඒෂියන් මිරර්' හා පවසා සිටියේ ය.
 
ඇති වී ඇති නවතම අර්බුධය නිසා ජනාධිපති මෛත්‍රිපාල  සිරිසේන මහතා විසින් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇතැයි වාර්තා වේ.
 
ප්‍රධාන තීරකයා ලෙස නීතිපතිවරයා පත් කර ඇති එම කමිටුව මගින් සිදු කරන නිර්දේශයන්ට අනුව මතු වී ඇති ගැටළුව පිලිබඳ ඉදිරි තීරණ ගැනීමට ජනපතිවරයා තීරණය කර ඇත. 
Rate this item
(1 Vote)
Last modified on Tuesday, 28 April 2015 07:50