May 02, 2024

'මැතිවරණයට තරඟ වැදුනොත් මගේ ජයග්‍රහණය ස්ථිරයි' - මහින්ද කියයි

පසුගිය ජනපතිවරණ දින රාත්‍රියේදී සිදු වූවා යැයි ඇතැම් පිරිස් විසින් පවසන හමුදා කුමන්ත්‍රණ සිදුවීම සම්පුර්ණයෙන්ම සාවද්‍ය ප්‍රචාරයක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.
 
අල් ජසීරා ප්‍රවෘත්ති සේවය හා සාකච්ජාවකට එක් වෙමින් රාජපක්ෂ මහතා පවසා සිටියේ එවන් කුමන්ත්‍රණයක් පැය දෙක තුනකින් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට කිසිවෙකුට නොහැකි බවයි.
 
තමා ඒකාධිපතියෙකු ලෙස ක්‍රියා කර ඇති බවත් වංචා දූෂණ පිලිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇති බවටත් නැගෙන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කල රාජපක්ෂ මහතා පවසා සිටියේ ඒවා තමාගේ කීර්තිනාමය විනාශ කිරීමට විවිධ පාර්ශවයන් විසින් දියත් කර ඇති ප්‍රචාරණ ව්‍යාපෘති වල ප්‍රතිඵලයන් බව ය.
 
කෙසේ හෝ ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ වදින්නේ ද නැද්ද යන්න පිලිබඳව කිසිවක් ප්‍රකාශ නොකළ ඔහු තමා මැතිවරණය සඳහා තරඟ වැදුනොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන බව ස්ථීර යැයි ද පවසා සිටියේ ය.
 
 
 
 
 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 April 2015 07:50