May 02, 2024

සෝභිත හිමි ඇතුළුව ශ්‍රීලනිපයෙන් 'පුළුල් ජාතික සන්ධානයක්' 

රටේ ඉදිරි කටයුතු මෙහෙයවීම සහ දේශපාලන අභියෝග ජය ගැනීමත් අරමුණු කරගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් මාදුළුවාවේ සෝභිත හිමියන් සහ අතුරලියේ රතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් යුත් පුළුල් ජාතික සංවිධානයක් ගොඩනැගීමේ කටයුතු ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම පුළුල් පෙරමුණ සඳහා මහා සංඝරත්නයත් සිංහල, දෙමළ, මුස්ලිම් ජන ප්‍රජාව නියෝජනය කරන දේශපාලන පක්ෂ, සිවිල් සමාජ සංවිධාන සහ බහුජන සංවිධාන ඒකරාශි කරගනිමින් මෙම පුළුල් ජාතික සංවිධානය ගොඩ නැගීමට නියමිත අතර එහි පළමු නියෝජිත රැලිය කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පසුගිය 22 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

“රට එක්සත් කරන නිදහස් යුගයක්” යන මැයෙන් නව සංවිධානය විසින්  රටපුරා දේශපාලන රැස්වීම්  සම්මන්ත්‍රණ සහ කතිකාවන් සංවිධානය කර ඇත. රටේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කෙරෙන ශක්තිමත් දේශපාලන සන්ධානයක් ගොඩ නැගීම මෙහි  අරමුණ වී තිබේ.

කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ පැවැති මෙහි පළමු නියෝජිත රැස්වීම සඳහා මාදුළුවාවේ සෝභිත හිමි අතුරලියේ  රතන හිමි සහ දෙමළ දේශපාලන පක්ෂ සිවිල් සාමාජ සංවිධාන සහ නියෝජිතයන් සහභාගි වී සිටියහ.

Rate this item
(0 votes)