May 10, 2024

ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවීමට ගැසට්‌ පත්‍රය සකස් කර අවසන්

ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකිවන ආකාරයට මේ වනවිටත් ඊට අදාළ ගැසට්‌ පත්‍රය සකස්‌ කර අවසන් බව රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණ කරයි.

දිනයක්‌ රහිතව අදාළ ගැසට්‌ පත්‍රය සූදානම් කර ඇති අතර ඒ අනුව දිනය සහ අත්සන යොදා එය නිකුත් කිරීමට ඕනෑම අවස්‌ථාවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකියාව ඇතැයිද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඕනෑම අවස්‌ථාවක මේ අනුව ඉදිරි දින කිහිපය තුළ ඕනෑම මොහොතක ආණ්‌ඩුව විසුරුවා හැරීම සිදුවනු ඇතැයි අපේක්‍ෂා කළ හැකි බවද හෙතෙම සඳහන් කළේය.

Rate this item
(0 votes)