May 10, 2024

'මේක අද පොලිස් රාජ්‍යයක් වෙලා' - ගෝඨා වර්තමානය ගැන හෙළි කරයි (VIDEO) 

තමාව අල්ලස් කොමිසමට කැඳවන්නේ නම් මේ රටේ සෑම පුරවැසියෙකුම අල්ලස් කොමිසමට කැඳවිය යුතුව ඇති බවත් ඒ මන්ද යත් ‍ගෙවුණු වසර 9ක කාලය තුළ කිසිදු මුදලක් අයුතු ලෙස එකතු කර නැතිවීම හා දූෂණයක යෙදී නොතිබීම නිසා බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද(23) අල්ලස් කොමිසමට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ රට පොලිස් රාජ්‍යයක් බවට පත්වෙමින් ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙමින් යන බවත් මේවන විට ඉකුත් කාලයේ ‍කටයුතු කළ සෑම ලේකම්වරයෙකු පාහේ අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට කැඳවමින් සිටින බව හෙතෙම පෙන්ව දුන්නේය.

තමාගේ බැංකු ගිණුමට ගියේ ආරක්ෂක සේවයේ විශ්‍රාම වැටුප හා තනතුරට හිමි වැටුප පමණක් බවද තමාට අල්ලස් කොමිසමේ චෝදනා කරන අය නම් අනවසරෙන් ඉඩම් අත්පත් කරගෙන ඇති බැවින් පළමුවෙන්ම කොමිසම හමුවට කැඳවිය යුත්තේ ඔවුන් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න. 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 April 2015 17:22