May 11, 2024

බැසිල්ට එල්ල වූ චෝදනා මෙන්න (VIDEO)

හිටලු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නඩු 3ක් ඉදිරිපත් කළ තිබූ බවත් පොදු දේපොල පනත යටතේ යොමු කරන වැරදි සම්බන්ධයෙන් ඇප ලබාදීමේදී සුවිශේෂ කරුණු සලකා බලන බවත් නිතීඥ කමල් විජේසිරි මහතා පවසයි.

ඒ අනුව දිවි නැගුම දෙපාර්තමේන්තුව යටතේ මුදල් වංචා කිරීම පොදු දේපල පනත යටතේ ගැනෙන වරදක් කළ බවටත්, එම දෙපාර්තමේන්තුවේම මැතිවරණ සමයේ ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම හා ඒ සඳහා පුද්ගලික ආයතනයකට ටෙන්ඩර් ලබා දීමත්, 3 වන නඩුවත් මූල්‍ය වංචාක් සඳහා ඉදිරිපත් කර තිබූ බව දිවිනැඟුම අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ කමල් විජේසිරි මහතා පැවසී ය.

ඉන් නඩු 2ක් පොදු දේපොල පනත යටතේ ගැනෙන හෙයින් විශේෂයෙන්ම අවධානය යොමුකළ බවත් පොදු දේපොල පනත යටතේ යොමු කරන වැරදි සම්බන්ධයෙන් ඇප ලබාදීමේදී සුවිශේෂ කරුණු සලකා බලන බවත් නිතීඥ කමල් විජේසිරි මහතා පෙන්වා දුන්නේය.

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරීවරු දෙදෙනෙකු ඇතුළු තවත් පොලිස් නිලධාරීන් පැමිණ ඇත.

විත්තිය වෙනුවෙන් ජනාධිපති නිතීඥ අනිල් ද සිල්වා, යූ.ආර් ද සිල්වා සහ තවත් විශාල පිරිසක් පැමිණ තිබිණි.

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි, කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ඔවුන් අත්අඩංගුවට ගත් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ,හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් නිහාල් ජයතිලක, දිවිනැඟුම අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ රණවක යන මහත්වරුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙතඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන මැයි මස 5 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(7 votes)
Last modified on Thursday, 23 April 2015 17:33