May 10, 2024

(EXCLUSIVE) 'මෛත්‍රීට දෝෂාභියෝගයක්' - විපක්ෂයේ මන්ත්‍රීවරු රහසිගතව අත්සන් ගනී 

පාර්ලිමේන්තුවේ විරෝධතාවයේ නිරත විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මේවන විට රහසිගතව අත්සන් එකතු කරන බවට ආරංචි මාර්ග පවසයි.

19 වැනි සංශෝධනය සම්මත කළ පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනාධිපතිවරයා පසුගිය දා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය ලබාදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයෝ ඊයේ (20) තීරණය කළ අතර 19 වැනි සංශෝධනය සමගාමීව මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන 20 වැනි  සංශෝධනයද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රකාශ  කර තිබිණි.

මේ හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් රහසිගතව අත්සන් එකතු කර ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට නියමිතය.

අවම වශයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 1/3 ක් අත්සන් කළ දෝෂාභියෝගයක් කතානායකවරයාට බාර දුන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිය.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 22 April 2015 11:10