May 12, 2024

'මගේත් වැරදි තිබුණා' - මහින්ද ජනතාවගෙන් සමාව ඉල්ලයි (VIDEO)  

තමන් අතින් වැරදි සිදුවූ බවත් සිදුවූ වැරදිවලට තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ පසුගියදා මොනරාගල - හම්බෙගමුව පුරාණ රජමහා විහාරයේ පැවති බෝධි පූජා පිංකමකට එක්වෙමිනි.

හිටපු ජනාධිපතිවරයා එහිදී පැවසූවේ ‘‘මට ඊයේ තෑග්ගක් ගෙනත් දුන්නා. අල්ලස් කොමිසමට මට එන්න කියලා. මම බැලූවා මොකට ද ඒ කියලා. බලනකොට මම අල්ලසක් දීලා. තිස්ස අත්තනායක මහත්තයාට කැබිනට් ඇමතිකමක් දීලා කියලා. මේ වගේ විහිලූ තමයි අද අපිට දකින්න තියෙන්නේ. ප්‍රශ්න කිරීම්, පළි ගැනීම්  ඕවා තමයි. මේ බෝධි පූජාවේ බලයෙන් ඔවුන්ගේ හිත් වල තියෙන ක්‍රෝධය නැති වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.“ 

“මම වැරදි නැහැ කියන්නේ නැහැ. මගේත් වැරදි තිබුණා. වැරදි කරපු අය සමහර ඒවයින් අපි නිදහස් කළා. ඒක තමයි එක වරදක්. ඒ ගැන මම ඔබ තුමන්ලාගෙන් සමාව ඉල්ලනවා. ඒත් එක්කම මම කියන්න කැමතියි තවත් නම් ඒ වැරදි කරන්න මම සූදානම් නැහැ.’’ යැයි මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)