May 13, 2024

කිරුළපන මැයි රැළියට එන්නැයි මහින්දට ආරාධනයක්

මහජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ කම්කරු නායකයින් විසින් කිරුළපනදී පවත්වන මැයි රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‍ට ආරාධනා කළ බව මහින්ද රාජපක්ෂ මහතා‍ගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

සන්ධාන මැයි රැළියට සහභාගී වනවාද යන්න තවම හිටපු ජනාධිපතිවරයා තීරණය කර නොමැති බවත් ඒකබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලය සංවිධාන කරන කිරුලපන පවත්වන මැයි රැළියට සහභාගී වන ලෙස ආරාධන කළද ඊටද තවම ප්‍රතිචාර දක්වා නොමැති බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ඒකබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලය විසින් සංවිධාන කරන ‘රටට පණ දෙන්න මහින්ද සමඟ වැඩකරන ජනතා මැයි රැළිය‘ මැයි 1 වැනිදා පස්වරු 2.00ට කිරුළපනදී පැවැත්වෙන බව වාර්තා වේ.

ශ්‍රීලනිප මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට අභයාරාමයේ පසුගිය 09 වැනිදා පැවැති දකුණු පළාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැස්වීමට පැමිණ හයිඩ් පිටියේ පැවැත්වෙන සන්ධාන මැයි රැළියට සහභාගී වන ලෙස ආරාධනා පත්‍රයක් පිළිගන්වනු ලැබිය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 April 2015 14:44