May 13, 2024

මන්ත්‍රීවරු 70ක් පාර්ලිමේන්තුවේ රැය ගත කරයි - මන්ත්‍රීවරු 110ක් ලිපියට අත්සන් තබයි (PHOTOS)   

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කැදවීම වහා අවලංගු කරන ලෙස ඉල්ලා ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදීමට සකස් කල ලිපියට මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරු 110 කට අධික පිරිසක් අත්සන් තබා ඇති බව එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීමට ගත් තීන්දුව හකුලා ගන්නා තුරු පාර්ලිමේන්තු සභා ගැබ තුළ අඛණ්ඩ උපවාසයේ නිරත වන බවත් මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 70කට අධික පිරිසක් මෙම උපවාසයට එක් වී ඇති බවත් මීට සුළු මොහොතකට පෙර අප කළ විමසීමකදී මන්ත්‍රීවරයා පැවසීය.

එම තීරණය අවලංගු කර ගන්නා බවට ප්‍රකාශයක් දෙනතුරු මෙම විරෝධතාව අත්නොහරින බවත් ඊයේ (20) පෙරවරුවේ ආරම්භ කළ මෙම විරෝධතාවයට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් අද (21) දිනයේද පවත්වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අතර ඊයේ (20) පස්වරුවේ කථානායක චමල් රාජපක්ෂ මහතාද විපක්ෂයේ මන්ත්‍රීවරුන් උපවාසයේ නිරත සභා ගර්භයට පැමිණ සාකච්ඡා කළේය.

(ප්‍රභාත් මාතරගේ)

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 April 2015 14:45