May 14, 2024

විපක්ෂ නායක 'ආණ්ඩුවේ කොන්ත්‍රාත්කාරයෙක්' - වෙල්ගමගෙන් දෝස්මුරයක්

සැබෑ විපක්ෂ නායකවරයෙකු නම් විරෝධතාවයේ නිරත මන්ත්‍රී කණ්ඩායම පිළිබඳ සොයා බැලිය යුතු බවත් ඔහු සැබෑ විපක්ෂ නායකවරයෙකු නොව ආණ්ඩුවේ කොන්ත්‍රාත්කාරයෙකු බවත් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද(20) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ආගිය අතක් නැහැ. එදා කල් දානකන් හිටියා ඊට පස්සේ ආගිය අතක් නැහැ. එයා සැබෑ විපක්ෂ නායකවරයෙක් නම් අපි ගැන බලන්න ඕන. එයා සැබෑ විපක්ෂ නායකවරයෙක් නෙමෙයි ආණ්ඩුවේ කොන්ත්‍රාත්කාරයෙක්. එයා රජයේ උප කොන්ත්‍රාත්කාරයෙක්.“ යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 April 2015 00:05