May 13, 2024

(Update) පාර්ලිමේන්තුවේ විරෝධයේ විපක්ෂ මන්ත්‍රීවරු කළ සාකච්ඡාව මෙන්න (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ මස 24 වැනිදා අල්ලස් කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් මැතිසබයේ බිම වාඩිවී විරෝධතා දක්වන විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සමඟ සාකච්ඡා කළ වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයට නිකුත් වී ඇත.

තිස්ස අත්තනායක මහතාට ඇමැති ධුරයක් ලබාදීම පිළිබඳ විමසීම සඳහා හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීම පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරප‍්‍රසාද උල්ලංඝණය කිරීමක් බව පවසමින් විපක්ෂ මන්ත‍්‍රීවරු මැතිසබයේදී අදහස් දැක්වූහ.

මේ පිළිබඳ ජනපති, අගමැති ඇතුළු විපක්ෂනායකවරයා සමඟ සාකච්ඡා කොට තීන්දුවක් ලබාදෙන ලෙසට ඔවුහු ඉල්ලා සිටියහ.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න

එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 April 2015 09:50