May 13, 2024

පාර්ලිමේන්තුව උණුසුම් - මහින්ද වෙනුවෙන් විපක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවක (PHOTOS) 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීමට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද (20) පාර්ලිමේන්තු සභා ගැබේ බිම වාඩි වී විරෝධතාවයක නිරත විය.

විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සභා ගැබේ බිමද වාඩිවී ‘අදම අපට තීරණයක් ඕනෑ‘ යැයි පවසමින් පැයක් පමණ කාලයක් මෙලෙස විරෝධතාවයේ නිරත වී ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපති අල්ලස් කොමිසමේ රාජකාරි කටයුත්තක් සඳහා කැඳවා ඇති බවත් ප්‍රශ්නයක් ඇත්නම් හිටපු ජනපතිගේ නීතිඥයන්ට ඊට එරෙහිව අධිකරණයට යා හැකි බවත්ය.

එම විරෝධතාවයේ ඡායාරූප පහතින් දැක්වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 April 2015 16:15