May 13, 2024

පීකොක් මැදුර මහින්දට අහිමි වෙන ලකුණු?

ව්‍යාපාරික ඒ.එස්.පී.ලියනගේ මහතාගේ නාවල පිහිටි පීකොක් මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නොලැබෙන බවට මේවන විට තොරතුරු වාර්තා වේ.

නක්ෂත්‍රකරුවන්ගේ උපදෙස් අනුව ඉඩමේ වස්දොස් ඇරීම සඳහා ඔහුගේ මන්දිරය ඉදිරිපිට නාන තටාකයද මුහුදු වැලි දමා ගොඩකැරිණි. උළුවහුද වෙනස්කර බහිරව පූජාද පවත්වා අද(20) එහි යෑමට හිටපු ජනපතිවරයා සූදානමින් සිටි බව වාර්තා විය.

කට වචනය අනුව එහි පදිංචියට යනවාට වඩා ගිවිසුමක් අත්සන් කර පදිංචිය බාරගැනීම ගැන ඒ.එස්.පී.ලියනගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට හිටපු ජනපතිවරයාගෙන් ප්‍රතිචාරයක් ලැබී නැතැයි වාර්තා වේ.

පීකොක් මැදුර නොලැබුණහොත් මහින්ද රාජපක්ෂ මහතා කොළඹ නාරාහේන්පිට අභයාරාමයේ ශාලා පහසුකම් ප්‍රයෝජනයට ගනු ඇත. 

මේ අතර ඒ.එස්.පී.ලියනගේ මහතා අද (20) රහස් පොලිසියටද කැඳවා ඇති බව ආරංචි මාර්ග පවසයි. 

Rate this item
(0 votes)