May 13, 2024

බැසිල් 21 වැනිදා ලංකාවට - පාර්ලිමේන්තුවටත් යයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිට ලබන අඟහරුවාදා (21) දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ලබන 21 වැනිදා පස්වරු 1.00ට පමණ බැසිල් රාජපක්ෂ මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඉන්පසු කෙළින්ම බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව බලා පිටත්ව යෑමට නියමිත බවද පසුව අඟහරුවාදා පස්වරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පළාත් අමාත්‍ය නිමල් ලන්සා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක්ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක්ද සහභාගිවීමට නියමිත බව වැඩිදුරටත් වාර්තාවේ.

 

Rate this item
(0 votes)