May 13, 2024

'අගමැති රනිල්' ඉන්දීය දේවාලයක පූජාවක - 'ලක්ෂ 8ක සඳුන්' පූජා කරයි (PHOTOS) 

ඊයේ (18) උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරු 05.20ට පමණ යළි දිවයිනට පැමිණ තිබේ. 

ඉන්දියාවේ කොචින් සිට පැමිණි යු.එල් 168 දරණ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස මෙරටට පැමිණි බව ඒෂියන් මිරර් ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය. 

මේ අතර ඉන්දීය සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දියාව විසින් ඉහළ ආරක්ෂාවක් ලබාදි තිබේ. 

අගමැතිවරයා ඊයේ ගුරුවායුර් ශ්‍රී ක්‍රිෂ්ණ දේවාලයේ ආගමික වතාවත් සඳහා එක්ව තිබෙන අතර එහිදි ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් 1000ක් යොදවා තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය රුපියල් ලක්ෂ 8.45ක් පමණ වටිනා සඳුන් කිලෝ 77ක්ද දේවාලයට පූජා කර තිබේ.

අගමැති බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හා අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන් මේ අවස්ථාව සඳහා එක්ව තිබේ. 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 20 April 2015 07:45