May 12, 2024

පක්ෂවල නායකයින් හෙට හදිසියේ රැස් වේ

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකයින්ගේ විශේෂ රැස්වීමක් හෙට (17) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ, 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන වන අතර හදිසි පක්ෂ නායක රැස්වීමක් කැදවා කඩිනමින් විසදා ගත යුතු ගැටළු ගණනාවක් ඇතැයි පක්ෂ නායකයන් රැසක් කථානායකවරයා වෙත ඊයේ ලිපියක් භාර දී තිබේ. දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, තිස්ස විතාරණ සහ ඩිව් ගුණසේකර එම ලිපියට අත්සන් තබා ඇති පක්ෂ නායකයින් වන බවත් වාර්තා වෙයි. 

19 වන සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන්නේ මේ මස 20 සහ 21 යන දිනවලයි. ඊට පෙර මෙම පක්ෂ නායක රැස්වීම පවත්වන ලෙසයි කථානායකවරයාට යොමු කළ ලිපියේ දැක්වෙන බවයි සඳහන් වන්නේ.

 

Rate this item
(0 votes)