May 13, 2024

‘හූ’ කීම නිසා ශ්‍රීලනිප දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම් අත්හිටුවයි?

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර ඇතැයි වාර්තවේ.

ඒ අනුව ඉදිරි කාලය තුළ දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට නියමිතව තිබූ බල මණ්ඩල රැස්වීම් සියල්ල මේ වන විට අවලංගු කර ඇති බව වාර්තා වේ.

පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් බල මණ්ඩල හමුවේදී ඇතිවූ නොසන්සුන්තාව මීට ප්‍රධාන හේතුව වී ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

අවලංගු කරන ලද දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම් යළි පවත්වන දිනයක් පක්ෂ විසින් අදාළ සංවිධායකවරුන්ට මතෛක් දැනුම් දී නොමැති බවද වාර්තා වේ.

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කුරුණෑගල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සහභාගි වූ අතර ඇයට ‍පොල්තෙල් පහන් දැල්වීම සඳහා ආරාධනා කිරීමත් සමග පිරිසක් ‘හූ’ කීම හේතුවෙන් මෙම නොසන්සුන්තාව ඇති විය.

Rate this item
(0 votes)
Last modified on Friday, 17 April 2015 13:36