May 09, 2024

'අපේ අතින් වැරදි වුණා' - පැරදීමට හේතු මහින්ද හෙළි කරයි (VIDEO) 

පසුගිය කාල සීමාවේදී වැරදි සිදුවූ බවත් තමන් වටා වැරදි පුද්ගලයන් රැඳී සිටි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (07) ගම්පහ - දෙල්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමිනි.

වැරදි පුද්ගලයන්ට දඩුවම් නොකර බලා සිටි බවත් මේ සියල්ල අපිට විරුද්ධව ගිය කාරණා බවත් ඔහු සඳහන් කළේය.

සිදුවූ වැරදි සහ අඩුපාඩු දැන් තමාට අවබෝධ වෙමින් පවතින බවත් පසුගිය ජනාධිපතිවරණයේදී පරාජය වීම තමාගෙන් සිදුවූ අතපසුවීම් ද හේතු වූ බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය.

වත්මන් ආණ්ඩුව සිදු කළ යුත්තේ ජනතාවට වූ පොරොන්දු ඉටු කිරීම බවත් වර්තමානයේ රටේ පාලනය සිදුවන්නේ ජනතා මනාපයට අනුව පත්වූ ආණ්ඩුවකින් නොව විධායක සභාව නැමැති ආයතනයකින් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)