May 09, 2024

'හිටපු ජනපතිගෙන් පණිවිඩ පිට පණිවිඩ ආවා' - ෆොන්සේකා හෙළි කරයි (VIDEO)

පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනපති තමන්ට අල්ලස් දීමට උත්සහ කළ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මේ මේ බව ප්‍රකාශ කළේ, ගම්පොළ නගර සභා ශාලාවේ පැවති මහජන හමුවකදී ය.

තමාට පසුගිය ජනාධිපතිවරණ සමයේදී රුපියල් මිලියන 2000ක් දෙන බවට පණිවිඩ පිට පණිවිඩ ලැබුණ බවත් ඉඩම් අක්කර මේචචර දෙන්නම් කොළඹින් ගත්ත ඉඩම නැවත දෙන්නම් යනුවෙන්ද තමාට දන්වා තිබූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

“ආරක්ෂාව මෙච්චර දෙන්නම්. බිරිදටත් මේවා මේවා දෙන්නම්. දරුවන්ගේ නඩු පැය 24න් ඔක්කොම අයින් කරන්නම්. අපි දණ ගැහුවේ නෑ. අපි රට ගැන හිතන නිසා දණ ගැහුවේ නෑ. හිරබත් කෑවත් දණ ගැහුවේ නෑ. හැබැයි අද රාජපක්ෂ දණ ගහලා ඉන්නවා.“ යැයි සරත් ‍ෆොන්සේකා මහතා පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 April 2015 10:13