May 09, 2024

විපක්ෂ නායක ධූරය කාටද? කතානායකවරයාගේ 'තීරණය කල් දමයි'

විපක්ෂ නායක ධූරය සම්බන්ධ කතානායක චමල් රාජපක්ෂ මහතාගේ තීරණය දැනුම්දීම කල් දමා තිබේ.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුර සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කර පසුව ප්‍රකාශයක් කරන බව කතානායකවරයා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයෙහි තවදුරටත් වත්මන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාට කටයුතු කළ හැකිද? නොහැකිද?යන්න පිළිබඳ කතානායක චමල් රාජපක්ෂ මහතාගේ තීරණය අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතව තිබිණි.

නමුත් මෙය පාර්ලිමේන්තුවේ විශේෂ අවස්ථාවක් නිසා අදාල තීරණය ලබාදීම කතානායකවරයා විසින් කල් දමා ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් පසුගියදා අමාත්‍යධුර ලබාගැනීමත් සමඟ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පැන නැඟී තිබූ අර්බුදය හමුවේ විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නායකයන් කතානායකවරයාට දැනුම් දුන්නේ නිමල් සිරිපාලද සිල්වා මහතාට එම තනතුරෙහි තවදුරටත් ක්‍රියා කළ නොහැකි බවයි.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කරන්නැයි ඉල්ලමින් මන්ත්‍රීවරුන් 50කට වැඩි පිරිසකගේ අත්සන් සහිත ලිපියක් අද (07) කතානායක චමල් රාජපක්ෂ මහතාට බාර දී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 April 2015 10:43