May 09, 2024

මහින්ද කහවත්තට යයි (VIDEO)

අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ රත්නපුර දිසාවේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය ආගරේගම ඥානීස්සර මහ නාහිමියන් වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (06) රත්නපුර - කහවත්ත, වැල්අඳුර ශ්‍රී විජයරාජ පිරිවෙනට පැමිණියේය. 

එහිදී පැමිණ සිටි ජනතාව සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුහද පිළිසඳරක නිරත වූහ.

එමෙන්ම විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාද මහනාහිමියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (06) උදෑසන 7ට පමණ කහවත්ත - වැල්අඳුර ශ්‍රී විජයරාජ පිරිවෙනට පැමිණ ඇත.

Rate this item
(0 votes)