April 27, 2024

මහින්ද වෙනුවෙන් කුරුණෑගල රැළියට බලාපොරොත්තු නොවන පිරිසක් එනවා - මනූෂ  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කරන ලෙස බල කරමින් මීලඟ රැස්වීම කුරුණෑගල නගරයේ පැවැත්වීමට නියමිත බවත් ඊට ශ්‍රීලංනිපයේ විශාල මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වන බවත් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ඒෂියන්මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

මීට පෙර පැවැති රත්නපුර රැස්වීමට පැමිණි ශ්‍රීලංනිප මන්ත්‍රීවරුන් ද කුරුණෑගල රැස්වීමට සහභාගී වන බවත් ඊටත් වඩා බලාපොරොත්තු නොවන පිරිසක් එම රැස්වීමට සහභාගී වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමට මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා කළ යුතු බව මේවන විට රටේ ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර මත් ඔප්පු වී ඇති බවත් තමන් නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මේවන විට දේශපාලන මතවාදය වී ඇත්තේද මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමට බවත් ඒ සඳහා ශ්‍රීලංනිප මන්ත්‍රීවරුන් බහුතරයක් තුළද මතයක් නිර්මාණය වී ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 April 2015 07:37