April 28, 2024

ආණ්ඩුවේ පොරොන්දුවකට 'රන්ජන්' සමාව ගනී (VIDEO)

රන් ණය පොලී කපාහැරීම අයවැයෙන් පොරොන්දු වූ පරිදි සිදු කරන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශවකරුවෙකු ලෙස කුමක්හෝ ක්‍රියාපිළිවෙතක් ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලන බවත් රන්ජන් රාමනායක මහතා පැවසීය.

නමුත් පසුගියදා මුදල් අමාත්‍යාංශය ඊට අදාළව රාජ්‍ය බැංකු වෙත නිකුත් කර තිබු චක්‍රලේඛය අනුව එම සහනය හිමිවන්නේ කාටදැයි ගැටලුවක් මතුව තිබුණි.

පසුගිය අතුරු අයවැයෙන් රාජ්‍ය බැංකුවල ඇති රුපියල් ලක්ෂ 2 ක‍ට අඩු රන් ණය වල පොලී කපා හැරීමට කළ යෝනාවත් සමඟ ‍රන් උකස් කළ බොහෝ පිරිසකගේ උසක් කාලය ඉක්මගොස් තිබුණ ද ‍එම භාණ්ඩ බේරා ගැනීම ප්‍රමාද කළේ ඉන් තමන්ට ද සහනයක් ලැබේයැයි අපෙක්ෂාවෙනි.

නමුත් අදාළ සහනය රන් ණය ලබාගෙන ඇති බහුතරයකට හිමි නොවන බව අනාවරණ වුයේ මුදල් අමාත්‍යාංශය ඊට අදාළව රජයේ බැංකු වෙත නිකුත් කළ චක්‍රලේකය සමගිනි.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 05 April 2015 08:45