April 27, 2024

මැතිවරණය පැරණි ක්‍රමයට තියන්න එජාපයේ තීරණයක්? (VIDEO)

පවතින මැතිවරණ ක්‍රමය යටතේම අප්‍රේල් මාසයෙන් පසු මහ මැතිවරණයකට යාම සම්බන්ධයෙන් ඊයේ (02) පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අවධානය යොමු වූ බව එජාප මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (02) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

කෙටිකාලයක් තුළ එම මැතිවරණයට යාම පිළිබඳ සංවිධාන කටයුතු සිදු කිරීම පිළිබඳ සාකච්ඡා කළ බවත් මැයි දින උත්සවය සම්බන්ධයෙන්ද මෙම රැස්වීමේදී සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 04 April 2015 08:09