April 28, 2024

'මහින්ද' බැසිල් ගැන කතා කරයි (VIDEO)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ලංකාවට එන බව ප්‍රකාශ කර ඇති බවත් ඒ පිළිබඳ කිසි ප්‍රශ්නයක් නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (31) එලෙස සිය ප්‍රතිචාර දැක්වුයේ නාරාහේන්පිට අභයාරාමයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදින් වෙත අදහස් දක්වමින්ය.

මේ එම සංවාදය පහතින් දැක්වේ.

මාධ්‍යවේදීන් -‘හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ලංකාවට එන විට අත්අඩංගුවට ගන්න බවක් කියනවා. ඔහු ලංකාවට ඒවිද?’

හිටපු ජනපති - ‘ඒවි...කිසි ප්‍රශ්නයක් නෑ ,ඒවි. එයා කියලා තියෙනවනේ එනවා කියලා.’

මාධ්‍යවේදීන් - විමල් වීරවංශ මහතා කියනවා ඔබතුමාගේ පරාජයට බැසිල් රාජපක්‍ෂ මහතා තමයි හේතුව කියලා’

හිටපු ජනපති - ‘එක එක්කෙනාගේ සාමාන්‍ය මත තියෙනවා. ඒ හැම මතේකටම ගරු කරලා අපේ වැරදි හදාගන්න ඕන’

නැවත දේශපාලනයට එන්නේදැයි මාධ්‍යවේදීන් ඇසූ විට ඒ මහතා මෙසේ කීවේය.

හිටපු ජනපති - ‘තාම ඉතිං බලන්න ඕන. තාම විවේක ගන්නවා’

මාධ්‍යවේදීන් - ‘ඔබතුමා වීර නායකයෙක් කියනවා. එහෙනම් තීරණයක් ගන්න ඔච්චර පරක්කු ඇයි?

හිටපු ජනපති - ‘ඒක තමා වීරත්වය’

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 April 2015 12:22