May 02, 2024

මැතිවරණ සංශෝධන ගැන අගමැති - පක්ෂ නායක හමුවක් අද

මැතිවරණ ක්‍රමයේ සිදුකළ යුතු සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අද (30) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම සාකච්ඡාවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සහභාගී වීමට නියමිත අතර, එහිදී දිස්ත්‍රික් සහ ජාතික අනුපාත ක්‍රමය යටතේ පත්වන මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය පිළිබඳව පක්ෂ නායකයන් දැනුවත් කිරීමටද නියමිත බව වාර්තාවේ.

මීට අමතරව කොට්ඨාස කේවල ක්‍රමය මිශ්‍ර වූ මැතිවරණ ක්‍රමය තුළ තවදුරටත් සංශෝධනය විය යුතු කරුණු පිළිබඳවත් පක්ෂ නායකයන් අතර අදහස් හුවමාරු කරගැනීමටත් සැලසුම් කර ඇත.

මෙම අදහස් හුවමාරුවට අමතරව මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කරන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව පිළිබඳව පක්ෂ විසින් දරන මතයන් සාකච්ඡා කිරීමටද නියමිතව තිබේ.

මැතිවරණ ක්‍රමයේ සිදුකළ යුතු සං‍ශෝධන පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 16 වැනිදා සාකච්ඡාවක් පවත්වා ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 31 March 2015 11:06