May 02, 2024

'ලංකාවට එනවා' - බැසිල් පරීක්ෂණ ගැන කතා කරයි

තමන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සඳහා සහය පළ කිරීමට ළඟදීම දිවයිනට පැමිණෙන බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට ගෙන්වා ගැනීමට අධිකරණයට යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා 25 වැනි දා සඳහන් කළේය. 

ඒ අනූව අදාළ පරීක්ෂණවලට සහය පළ කිරීම සඳහා තමන් දිවයිනට පැමිණෙන බව බැසිල් රාජපක්ෂ මහතා පැවසී ය.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් පසු අමෙරිකාව බලා පිටත්ව ගිය අතර සිය සොහොයුරාගේ මැතිවරණයේ පරාජයේ වගකීම ද බාරගන්නා බව නිවේදනයක් මගින් සඳහන් කර තිබිණ.

කෙසේ වෙතත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තවමත් කටයුතු කරයි.

(දෙරණ)

Rate this item
(0 votes)